![]() |
||
| දේශීය කෘෂි නිෂ්පාදන අලෙවිසැලක් | ||
පලුගස්වැව ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ කෘෂිකර්මාන්තයයි. මෙම ජනතාවගේ ආර්ථික මට්ටම නංවාලීමේ අරමුණින් අප සදීප නැණසල මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් හා ප්‍රදේශයේ කෘෂි උපදේශක තුමන්ගේ දායකත්වයෙන් ගොවි නැණ නමින් කාන්තා සමිතියක් පිහිටුවා ඇති අතර, එමගින් ප්‍රදේශයේ පවත්නා කෘෂි භෝග ප්‍රයෝජනයට ගෙන ස්වයං රැකියා ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ යටතේ උතුරුමැද පලාත් කෘෂිකර්ම උපදේශක මහතාගේ දායකත්වයෙන් ස්වයං රැකියා සදහා පුහුණු වැඩමුළු පවත්වා ඔවුන්ව දැනුවත් කළහ. දැනට කාන්තා සමිතියේ සාමාජිකාවන් ස්වයංරැකියා සදහා තෝරාගෙන ඇත්තේ දේශීය ආහාර නිෂ්පාදනයන්ය. එම දේශීය ආහාර නිෂ්පාදන අලෙවිය සදහා දේශීය ආහාර නිෂ්පාදන අලෙවිසැලක් ආරම්භ කිරීමට 2009.09.17 වන දින පෙ.ව.6.17 යෙදෙන සුභ මොහොතින් මුල්ගල් තැබීමට කටයුතු සූදානම් කර ඇත.
|
||
| |Back.||Archive.| |