නැණසල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඒ සියළු
නිළධාරීන්හට පළමුව මාගේ ස්තූතිය පුද කර සිටිමි. නැණසල ක්‍රියාකරුවෙක් ලෙස
මට හැගෙන දේ මෙලෙස සටහන් කරමි.
නැණසල යනු ග්‍රාමීය ජනතාවගේ මෙන්ම
රටේ සියළු පුරවැසියන්ට මහගු සේවයක් සිදු කළ හැකි ආයතනයක් ලෙස හැදින්විය
හැකිය. මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක කර ගැනීමට හැකි නම් එය අපගේ ජයග්රහනයකි.
ඒය නැණසල ක්‍රියාකරුවන් මෙන්ම මෙහෙයවන්නන්ගේ කැපවීම මත කොතෙක් දුරට සාර්ථක
වන්නේද නැද්ද යන්න තීරණය වේ.
නැණසල ව්‍යාපෘතිය ගමට ලබා දීම තුළින් ගමේ
දරුවන්ගේ දැණුම වර්ධනය, තාක්ෂණික හැකියාව වර්ධනය වීම හා කාර්යයන් පහසුවෙන්
සිදු කර ගැනීමට හැකිවීම ආදිය සිදු වේ. ඉතා දුෂ්කර ගම්වල දිළිදු දරුවන් පවා
පරිගණක හැසිරවීමට නැණසල තුළින් දැනුම ලබා ගනි.
නැණසල ව්‍යාපෘතියෙන්
බලාපොරොත්තු වන දේ ඉටු කර ගැනීම නැතහොත් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම්
නැණසල ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකාරකම් හා කැපවීම, උනන්දුව ආදිය මත තීරණය වන
බව මාගේ හැගීමයි. කෙතරම් නැණසල පිහිටුවද ඒවායේ ක්‍රියාකාරිත්වය දුර්වල නම්
අසාර්ථක වන බව මාගේ හැගීමයි. එහෙයින් නැණසල ක්‍රියාකරුවන් පිළිබදව
ව්‍යාපෘතියේ අවධානය යොමු විය යුතු අතර ඔවුන්ව දිරි ගැන්වීම සදහා කටයුතු
කරන්නේ නම් සාර්ථකත්වය වැඩි කර ගැනිමට හැකි වෙවියැයි සිතමි. ව්‍යාපෘතිය
මගින් පවත්වන දින 06 වැඩමුළුවට මාද සහභාගි වී ඇති අතර එයට අමතරව පරිගණක
දැනුම වර්ධනය සදහා ද එවැනි වැඩමුළු පවත්වන්නේ නම් එය ක්‍රියාකරුවන්ට ඉමහත්
පිටුවහලක් වේ යැයි සිතමි.
ග්‍රාමීය නැණසලක් ලෙස අපට පවතින ගැටලු සමගින්
නැණසල පවත්වාගෙන යාම ඉතාමත් දුෂ්කරය. එමෙන්ම බහුතරයක් මෙම ගැටලුවලට මුහුණ
දේ. ව්‍යාපෘතිය තුලින් අන්තර්ජාල පහසුකම්, පරිගණක යන්ත්‍ර නොමිලේ ලබා දීම
අපට මහගු උපකාරයකි. එහෙත් ග්‍රාමීය වශයෙන් අපට පවතින ගැටලුවක් වන්නේ මෙවා
නිවැරදිව නඩත්තු කරමින් අදාළ වියදම් දරමින් පවත්වාගෙන යාමට තරම් මූල්‍ය
හැකියාවක් නොමැතිකමයි. එමෙන්ම ක්‍රියාකරුවන්ට සැලකිය යුතු වැටුපක් නෙලැබිමද
ගැටලුවකි. එමෙන්ම නැණසල ක්‍රියාකරුවෙකු ලෙස වෙනත් කෙනෙකුට හෝ ආයතනයකට
ඉදිරිපත් කිරීමට අනන්‍යතාවය ඔප්පු කල හැකි කිසිවක් නොමැති කම නිසා යම්
අවස්ථාවලදි අසරණ තත්ත්වයකට පත්වීමටද ක්‍රියාකරුවන්ට සිදු වේ.
මෙවැනි
ගැටලු රාශියක් නැණසලවල් තුළ පවති. මේවාට යම්තාක් දුරකට හෝ විසදුම් ලබා
දීමට හැකිනම් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කල හැකි වේවි යැයි සිතමි.
ක්‍රියාකරුවන්ගේ
රැකියාවේ යම් ස්ථාවරත්වය ගොඩනැගීමට හැකිනම්, BPO වැනි අමතර ආදායම් ඉපයීය
හැකි ව්‍යාපෘතියකට නැණසලවල් යොමු කිරීමට හැකි නම්, අනන්‍යතාවය තහවුරු
කිරීමට යම් ලිපියක් හෝ ID එකක් ලබා දීමට හැකිනම්, පරිගණක දැණුම වර්ධනයට
වැඩමුළු පවත්වන්නේ (ව්‍යසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් වලට අමතරව)නම්
ක්‍රියාකරුවන්ගේ ඉමහත් ප්‍රසාදයට මෙන්ම ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ද
ව්‍යාපෘතියේ සාර්ථකත්වයටද මහත් රැකුලක් වේයැයි මාගේ අදහසයි.
ස්තූතියි