Govigedara Nenasala - 2010 plan  
 

ගොවිගෙදර නැණසල

2010 සැලැස්ම



ගල අඹගස්වැව

නාගොල්ලාගම.

දු.ක. 072 2308547 රැ 072 4097110

E-Mail. Govigedaranenasala@gmail.com / Nishanthasanjeeya@gmail.com


හැදින්වීම

අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තනය තුළින් බිහිවූ සංකල්පයක් ලෙස, තොරතුරු තාක‍ෂණය ඉහළ නැංවීම සඳහා නැණසල බිහිවිය.

ඉහත ව්‍යාපෘතියේ එක් නැණසල මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොවිගෙදර නැණසල 2009 ජනවාරි 12 වන දින ආරම්භ කරන ලදි. නැණසලේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ග්‍රාමීය වශයෙන් තාක‍ෂණික දැනුමෙන් සන්නද්ධ
පිරිසක් බිහි කිරීමයි. තොරතුරු තාක‍ෂණය මෑතකදි ආවක් නිසා ග්‍රාමීය වශයෙන් එය තාමත්
ප්‍රචලිත නැත. එහෙයින් නැණසල මගින් එය ප්‍රචලිත කළ හැකිය. තොරතුරු තාක‍ෂණය මගින්
කළ හැකි කාර්යයන් පිළිබඳ ගමේ ජනතාව දැනුවත් කළ හැකිය.

මෙහිදි ලබා දිය හැකි සේවාවන් වශයෙන් කරුණු කිහිපයක් දැක්විය හැකිය. ග්‍රාමීය පවතින කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල පවතින ගැටළු (කෘමි හානි, දිළීර රෝග)
ඇත්නම් ඒවා පර්යේෂණ ආයතන වෙත යවා ක‍ෂණිකව පිළිතුරු ලබා දිය හැකිය. ඒ සඳහා
ගොවියා පර්යේෂණ ආයතනය වෙත යා යුතු නැත. එමෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ට,
පාසල් දරුවන්ට පරිගණක ආශ්‍රිත යෙදුම් පිළිබඳව ඉගෙන ගැනීමෙන් ආදායම් මාර්ගයන් සකසා ගත
හැකි වන්නේය. එසේම වෛද්‍ය සායන, විද්‍යුත් ලිපි යැවීම, ලෝකයේ ඕනෑම
තොරතුරක් සොයා බැලීම ආදිය සඳහාද නැණසල යොදා ගත හැකිය.

සාමාන්‍යයෙන් ඉහත සඳහන් කාර්යයන් පෞද්ගලික ආයතනයකින් කර ගන්නේ නම් විශාල මුදලක් ගෙවිය යුතු වේ. එහෙත් නැණසල මගින් ඒවා ඉතා සාධාරණ මිලකට සිදුකර දීම අපේක‍ෂිතය. මෙසේ නැණසල ග්‍රාමීය
සංවර්ධනය සඳහා තොරතුරු තාක‍ෂණය භාවිතා කරන අයුරු පැහැදිලි කිරීම හා භාවිතා කිරීම සිදු කරන
ආයතනයක් ලෙස හැදින්විය හැකිය.


මෙහෙවර -


තොරතුරු තාක‍ෂණය යොදා ගනිමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථීක, සාමාජීය. අධ්‍යාපනික ආදී වශයෙන් පවතින්නාවූ ගැටළුවලට වඩා සුදුසුම විසදුමක් ලබා දීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන
තත්ත්වය උසස් කිරීම හා ඒ තුළින් ආයතනයේ පැවැත්ම ශක්තිමත් කිරීම


පරමාර්ථ


01 විශ්ව දැනුම ලබා දීමේ බාහිර අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම.

02 සියළුම සේවා කටයුතු උපරිම සහන යටතේ ලබාදීම.

03 ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් ගොඩනගා ඒ තුළින් ප්‍රජා සත්කාරක සේවා සැලසීම.

04 ආර්ථීක ශක්තියෙන් යුත් සාමාජිකයින් කීපදෙනෙකු බිහිකිරීම.

05 තාක‍ෂණික සේවා වෙනුවෙන් නගරයට ඇදෙන මුදල් ගමතුළ රැදවීම.

06 ආයතනය තුළින් රැකියා කීපයක් නිර්මාණය කිරීම.



ක්‍රියාත්මකවන ආකාරය


01 07 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් හා බාහිර සම්පත්දායක විද්වත් මණ්ඩලයක් මගින් පාලනය කෙරේ.

02 රජයේ හා අනුබද්ධ ආයතන සම`ග ඇති ගිවිසුම් නිමවන තෙක් එකම පාලක මණ්ඩලයක් යටතේ පවතිනු ඇත.

03 ආයතනය ස්ථාපිත ගම කිසිසේත් වෙනස් නෙවිය යුතුය. කාලීන හේතු මත ස්ථාන වෙනස්කම් සිදුකළ හැක.

04 වසර 05කින් පසු ස්වාධීන ආයතනයක් ලෙස පරමාර්ථවලට පටහැනි නොවන අයුරින් පවත්වාගෙන යා යුතුය.

05 වාර්ෂික ලාභයෙන් ප්‍රතිශතයක් හෝ නිශ්චිත මුදලක් ගොවිසංවිධානයට වෙන්කළ යුතුය. කිසියම් මොහොතක සේවා කටයුතු වෙනත් ස්ථානයකට රැගෙන ගියහොත් ආයතනය පවතින තුරු ලාභයෙන් ප්‍රතිශතය්ක ගොවිසංවිධානයට වෙන්කළ යුතුය.

06 සියළුම කටයුතු ලේඛණගත විය යුතු අතර ඒ සඳහා අදාළ ස්ථානයේ ගිණුම් හා පොත්පත් පවත්වාගෙන යාම සඳහා කළමනාකාරවරයෙකු තබාගත යුතුය.



2010 වර්ෂයේ සැලැස්ම

I. ආයතනික සංවර්ධනය

01. ඉලක්කය- ශාලාව ආවරණය කොට සකස් කිරීම

අරමුණ- එකවර වැඩි පිරිසකට පන්ති පැවැත්වීමට හා පුහුණු වැඩසටහන්වලට අවශ්‍යය පසුබිම සකස් කිරීම. ඒ තුළින් වඩා
ඵලදායීතාවක් අපේක‍ෂා කෙරේ.
ක්‍රියාකාරීත්වය - මූල්‍ය කටයුතු, ආයතන සම්බන්ධ කරගෙන (රාජ්‍ය/රාජ්‍ය නොවන)
ශ්‍රමය හා වෙනත් කටයුතු ගොවි සංවිධාන සාමාජිකයින් විසින් සිදු කිරිම

කාලය - ජනවාරි -අප්‍රේල්

වගකීම - නැණසල සම්බන්ධීකාරක / ගොවි සංවිධානය

02. ඉලක්කය - ප්ලාස්ටික් පුටු 50ක් හෝ 100ක් පමණ මිලදී ගැනීම

අරමුණ - විශේෂිත රැස්වීම් අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීම
කුලියට දීම තුළින් ආදායමක් උපයා ගැනීම.

ක්‍රියාකාරීත්වය -ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ විමධ්‍යගත අරමුදල්වලින්
පරිත්‍යාග හා ආධාර
කාලය -ජනවාරි

වගකීම - නැණසල සම්බන්ධීකාරක / ගොවි සංවිධානය

03. ඉලක්කය - ප්‍රොජෙක්ටර් එකක් හෝ ඡායාපිටපත් යන්ත්‍රයක් මිලදී ගැනීම

අරමුණ - කාර්යාලීය කටයුතු කාර්යක‍ෂමව හා ඵලදායීව සිදු කිරීම.
අමතර ආදායමක් ආයතනයට ලබා ගැනීම

ක්‍රියාකාරීත්වය - ආධාර හෝ පරිත්‍යාග

කාලය -ජනවාරි - ජූනි

වගකීම - නැණසල සම්බන්ධීකාරක / ගොවි සංවිධානය

04. ඉලක්කය - බාහිර සම්පත්දායකයින් ලෙස විද්වත් මණ්ඩලයක් විධිමත් ලෙස පවත්වාගෙන යාම.

අරමුණ - ශක්තිමත් ආයතනයක් ලෙස පවත්වාගෙන යාම හා එමගින් ප්‍රදේශයේ දරුවන්ට හා ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම.

ක්‍රියාකාරීත්වය - ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමගින් සම්බන්ධ කරගෙන පවත්වාගෙන යාම.

කාලය -ජනවාරි සිට

වගකීම - පියනන්ද හිමි / කළමනාකරු / ගොවි සංවිධානය / ගො.ස.නි

05. ඉලක්කය - ආයතනය පිළිබඳ සියළු ලියාපදිංචි කටයුතු අවසන් කිරීම.

අරමුණ - නිත්‍යානුකූල ආයතනයක් ලෙස පවත්වාගෙන යාම.
පරිගණක අධ්‍යාපනය ලබන දරු දැරියන්ට පිළිගත් සහතිකයක් නිකුත් කිරීම.

ක්‍රියාකාරීත්වය - ප්‍රදේශයේ ප්‍රා/ලේකම් කාර්යාලයේ හා ද්විතීයික හා තෘතියික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලි.ප. කිරීම

කාලය -ජනවාරි -අප්‍රේල්

වගකීම - යාපව් රාජකීය විද්‍යාලයේ විදුහල්පති / ග්‍රාම නිළධාරී / කළමනාකරු



II. සේවා කටයුතු පුළුල් කිරීම

06. ඉලක්කය - කෘෂි තොරතුරු ඒකකයක් ආරම්භ කිරීම

අරමුණ - නැණසල මධ්‍යස්ථානය පොදු ව්‍යාපාරික ගොවි ජනතාවගේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම හා ආර්ථීක ප්‍රතිලාභ
ඇතිකර ගැනීම

ක්‍රියාකාරීත්වය - කෘෂි දෙපාර්තමේන්තුව හා ආර්ථීක මධ්‍යස්ථාන නිළධාරීන් සම්බන්ධ කර ගැනීමට අඳහස් කරන අතර පොදු
හා පුද්ගල සම්පත් භාවිතා කෙරේ.

කාලය -ජනවාරි -අප්‍රේල්

වගකීම - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / ඍෑෘAල ෂත‍Aෘ ආයතන

07. ඉලක්කය - තාක‍ෂණික ක්‍රම භාවිතා කරමින් ගොවි උපදේශන සේවා හා වෙනත් කෘෂි වැඩසටහන් පැවැත්වීම

අරමුණ - මෙතෙක් කරගෙන ආ උපදේශන සේවය වඩාත් ඵලදායී ලෙස හා ක්‍රමවත්ව පැවැත්වීම තුළින් ආර්ථීක හා ගුණාත්මක
සේවාවන් ලබාදීම.

ක්‍රියාකාරීත්වය - නවීන තාක‍ෂණ ක්‍රම උපයෝගි කර ගෙන එක් එක් බෝග වගාවන් පිළිබඳ දැනුවත් කිරීම.

කාලය -ජනවාරි සිට වසර පුරා

වගකීම - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / REDA, IFAD ආයතන

08. ඉලක්කය - ගොවි සංවිධාන 10ක් ශක්තිමත් කිරීම

අරමුණ - ගොවි සංවිධාන ශක්තිමත් කිරීම තුළින් ගොවීන්ට ප්‍රතිලාභයක් ලබා දීම.

ක්‍රියාකාරීත්වය - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බාහිර ආයතන සම්බන්ධ කරගෙන
ඔවුන්ගේ ගැටළුවලට අවශ්‍යය විසදුම් ලබා දීමට මැදිහත්වීම.

කාලය -වසර පුරා

වගකීම - ගො.සේ. මධ්‍යස්ථානය / සම්බන්ධීකාරක

09. ඉලක්කය - ආයතනය තුළ ප්‍රජාසත්කාරක වැඩසටහන් නිර්මාණය කිරීම හා ප්‍රචාරය සඳහා ක්‍රියාපිළිවෙලක් සැකසීම.

අරමුණ - වෙනත් ආයතන අභිබවායාමට ක්‍රමවේදයක් සකස් කිරීම හා නිරන්තර මහජන සබඳතාවය පවත්වා ගැනීම.

ක්‍රියාකාරීත්වය - ඒ සඳහා බාහිර උපදේශක කමිටුවේ අදාළ සම්පත්දායකයින් යොදා ගැනෙන අතර රාජ්‍ය ආයතන, පෞද්ගලික
ආයතන පිළිබඳව සැලකිල්ලට ගනු ලැබේ.
ස්වේච්චා සංවිධාන දැනුවත් කිරීමටද අඳහස් කෙරේ.
ආයතනයේ කටයුතු පිළිබඳ පූර්ණ විස්තර සහිත අත් පත්‍රිකාවක් නිර්මාණය කොට අදාළ ස්ථානවලට ඛෙදා
හැරිමට අඳහස් කෙරේ.

කාලය -ජනවාරි - අප්‍රේල්

වගකීම - කමිටුවේ සියළු නිළධාරින්

10. ඉලක්කය - සේවා සැපයීමේදී ගොවිසංවිධාන හා ගොවිසංවිධාන සාමාජික දරුවන් සඳහා සහනදායී මුල්‍ය ක්‍රමවේදයක් සකස්
කිරීම

අරමුණ - ආර්ථීක අපහසුතාවය දරුවන්ගේ අධ්‍යාපනයටද ගොවි ප්‍රජාවගේ කටයුතුවලටද බාධාවක් වී ඇති බැව් පෙනෙන නිසා
මෙම සහනය තුළින් ඔවුන් එම කටයුතුවලින් බැහැරවීම වැලැක්වීම.

ක්‍රියාකාරීත්වය - පාඨමාලා ගාස්තුවලින් වට්ටමක් ලබා දීමට අඳහස් කරන අතර සාමාජික සේවාවන්වලටද එම සහනය ලබාදීමට
කටයුතු කරන අතර ඊ මේල් (විද්‍යුත් තැපෑල) කටයුතු සංවිධානවලට හා රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ ඉටුකර
දීමට අඳහස් කෙරේ.

කාලය -මාර්තු

වගකීම - ගො.සා.නි /කළමනාකරු /ගොවි සංවිධානය

11. ඉලක්කය - ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන් 2 ක්වත් අවම වශයෙන් වසර තුළ පැවැත්වීමට අඳහස් කෙරේ.

අරමුණ - ප්‍රචාරය හා ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් සාමාජීය සබඳතා පුළුල් කර ගැනීම.

ක්‍රියාකාරීත්වය - ආගමික හෝ සෞන්දර්ය හෝ ආකල්ප සංවර්ධනයට මූලිකත්වය දෙන වෙනත් වැඩසටහන් ආයතනයට
සම්බන්ධ දරුවන්. ගොවි ජනතාව ඇතුළු සියළු දෙනා සම්බන්ධ කරගෙන ඉටු කිරීමට අඳහස් කෙරේ.

කාලය -අප්‍රේල් - දෙසැම්බර්

වගකීම - කමිටුවේ සියළු නිළධාරින්


 
  back...  
Home Page